කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී තිබේ.
අද (03) සිදුකළ පරික්ෂාවක දී මේ බව තහවුරු වී ඇත.
පසුගිය 27 වෙනිදා සිට ඇමැතිවරයා ඇසුරු කළ සියලු දෙනාට නිරෝධායනයට ලක්වන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියි.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව පවසයි.
ඔහු ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් අයෙකි.