රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට සහ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) පැමිණිල්ලක් කළේය.
ඒ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ උපකාරක පංතියකදී පාසල් සිසුන් පිරිසකට පහරදුන්නේ යැයි කියන අවස්ථාවට රජයට අයත් වාහනයකින් පැමිණීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට එරෙහිවය.
රාජ්‍ය දේපළක් වන අමාත්‍යංශ වාහනයක් අමාත්‍යවරයකුගේ පුත්‍රයකුට මෙවැනි දෙයකට පාවිච්චි කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත් නිරාෂාන් විතානගේ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ