ඇමැති නිවාසවල මන්‍ත්‍රීලා බින්න බහී.. මුදා ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි…!

April 7, 2024 at 11:52 am | by emanisa.lk

ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් කටයුතු කරන අංශය මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සහ සනත් නිශාන්ත මහතාගේ පවුලේ පිරිස ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *