ඇමැති නාමල්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්…!

June 3, 2021 at 3:22 pm | by emanisa.lk

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ වන විට නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි. පසුගිය රජයේ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය දැරුවේ හරීන් ප්‍රනාන්දු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *