රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීමට රජය සහතිකයක් ලබාදිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ මතය යැයි එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
එම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අනෙක් ජන කොටස් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා, හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බව පැවසූ ඇමැති ගුණවර්ධන, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ, ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය
ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට මහජන එක්සත් පෙරමුණ කැපවී ඇති බවද ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන් ඊට ප්‍රමුඛතාව දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සීතාවක ප්‍රාදේශීය සභාව උත්සව ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණු සීතාවක බල මණ්ඩල රැස්වීමේදීය.