රජයේ අමාත්‍ය තනතුරු ලබාගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන සියලු තනතුරුවලින් ඉවත් කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් රජය පොදු මහ ජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්ෂයක් ලෙස දැක්වීමට බවයි.
එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබා ගන්නා යම් මන්ත්‍රීවරයකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දරන සියලු තනතුරුවලින් ඉවත් කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය බව මෛත්‍රීපාල සිරිසේන නික්තු කළ නිවේදනයේ දැක්වේ.
පසුගියදා ඇමැති ධුර ලබා ගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති ධූරවල කටයුතු කළහ.