ඇමැතිකමක් ගන්න සූදානම්..! ජනාධිපතිතුමාට ලියුමක් යැව්වා..! – ධම්මික පෙරේරා…

August 31, 2022 at 2:33 pm | by emanisa.lk

ආර්ථික අර්බුදය පාලනය සම්බන්ධ වගකීම් පැවරෙන අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනයි.

ඔහු කියන්නේ ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ඔහු මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ලබාදුන් අමාත්‍යංශයේ රාජකාරී කරනු ලැබුවේ දින 16ක් පමණයි. ඔහු කියන්නේ ඒ දින 16 අතරින් තමන්ට වැඩ කරන්න ලැබුණේ දින 10ක් පමණක් බවයි.

“මම සාමාන්‍යයෙන් කොහේට ගියත්, පියන් කෙනෙක්වත් වෙනස් කරන එක්කෙනෙක් නෙමෙයි නේ. ඒ කියන්නේ අපි නායකයෝ නම් අපිට එහෙම මිනිස්සු වෙනස් කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට අපි දෙන්න ඕනේ විෂන් එක මෙන්න මේ විදියට තමා වැඩකරන්නේ කියලා.

අපිට හොඳ මිනිස්සු කියලා සමාජයේ හොයන්න බෑ. ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනේ. දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නේ, ක්‍රයිසීස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුවේ ඇමති ධුරයක් ගන්නවා.

නැතුව මට නිකන් ඇමති ධුරයක් දුන්නාට මට වැඩක් නෑ. ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉකොනමික් ඩිවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ඩොලර් ගේන්න වැඩකරන්නේ නෑ. ඒ ස්ටේට්මන්ට් එකේ බලන්න ටෙක්නිකල් කියලා පේන්නේ පුද්ගලික තරහක් නෑ කියන එකනේ. මෙහෙමයි ලොකු අය කොහොමත් පුද්ගලිකව තරහා වෙන්නේ නෑ. ඔය ඔක්කෝම යාළුවෝ ඉන්නේ. පොඩි අය තමා එක එක්කෙනා තරහා වෙන්නේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් එන්නේ නැත්නම් ආණ්ඩුවේ ඒවත් එක්ක ඊළඟට එයි නේ. ආවට පස්සේ තමා ඔයා කියන මීටරේ කැරකෙන්න ගන්නේ. එතකල් මට මුකුත් කියන්න බෑනේ. මහජනයත් කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලානේ. ඒක නිසා ෆුල් ට්‍රයි එකක් දුන්නා එතැනට.

එතුමා කරපු හොඳ දෙයක් කියන්නම් කෝ. දැන් අරගලය කියන එක මර්දනය කරානේ. පොලීසියත් එක්ක මිනිස්සු ගිහින් ගැටිලා පොලීසියට ගහන ලෙවල් එකකට ආවහම. විනීතව හැසිරෙන්නේ නැත්නම් අරගලය කියන එක පැත්තකින් කියන්න. රටේ තිබුණ නේෂන් බ්‍රෑන්ඩ් එක ඉවරයි නේ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *