වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වී තමා දේශපාලන සියදිවි නසාගැනීමක් සිදුකළ බව සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
තමන් ඉදිරි මැතිවරණ පිළිබඳ නොසිතන බවත් තමන්ට ආසනයක් පවා නොමැති බවත් පවසන ඇමැතිවරයා මේ අවස්ථාවේ සිදුකළේ අභියෝගය භාර ගැනීම පමණක් බවත් ප්‍රකාශ කරයි.
සියලු දෙනා අගමැතිකම භාර ගැනීමට බියෙන් පළා යන විට තනි මන්ත්‍රීකමක් තබා ගෙන එම අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහ පිළිබඳ විශාල අභිමානයක් ඇති වූ බව ද හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ පක්ෂ පාටවලට බෙදී කුළල් කා ගැනීම නොව සියලු භේද අමතක කර බංකොලොත් වූ රට ගොඩනැගීම බව ද ඇමැති හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.