ඇමරිකාව සරත් වීරසේකරට වීසා නෑ…!

September 25, 2023 at 12:55 pm | by emanisa.lk

ලබන මස අග වොෂින්ටනයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා, ජාතික ආරක්ෂාක පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකරට වීසා ලබා දීම එක්සත් ජනපදය විසින් මගහරිමින් සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සියලු අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් දින දහයක වැඩමුළුවක් සඳහා වොෂින්ටනයට යාමට යූඑස්ඒඩ් සංවිධානය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සැලසුම් කර තිබේ.

ඒ සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයාට වීසා නිකුත් කිරීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජනපදය පවසයි. කෙසේ වුව ද පාඨලී චම්පික රණවක ඇතුළු සෙසු සභාපතිවරුන්ට එම අවස්ථාව හිමිව තිබේ.

තමන් මේ පිළිබදව කතානායකවරයාට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර,
පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීම සඳහා දියත් වූ ජන අරගලය පිටුපස ඇමරිකාව ද සිටින බව හෙළි කිරීම තමන්ට වීසා ලබා නොදීමට හේතුව විය හැකි බවයි, සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *