ඇමති සමන්තගේ ඉන්ධන ප්‍රකාශය හරි… දියුණු රටවල මිල පෙන්නුවේ අපි ජනතාවට දුන් සහන පෙන්වන්න.. ඒක සමාජගත වුණ විදිහයි වැරදි…! – ඇමති වසන්ත සමරසිංහ…

November 20, 2026 at 7:21 pm | by emanisa.lk

රටවල් අතර ඉන්ධන සහ ගෑස් මිල සංසන්දනය කිරීමේදී එම රටවල ඒක පුද්ගල ආදායම, ජනතාවගේ දෛනික හා පැයක වැටුප් මෙන්ම ජීවන තත්ත්වයද සැලකිල්ලට ගත යුතු බ‍ව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අයර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව, ඩෙන්මාර්ක්, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ප්‍රංශය වැනි ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහළ ඒකපුද්ගල ආදායමක් සහිත රටවල ඉන්ධන මිල සැසඳීම සාධාරණ නොවන බවට මාධ්‍ය වේදියකු සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

කෙසේ වුවද ඇමති සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයේ සැබෑ අදහස වන්නේ ලෝකයේ දියුණු රටවල් ඉන්ධන මිල වැඩි කළද, ශ්‍රී ලංකාවට ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවක ජනතාව මත තවදුරටත් බර පැටවීමෙන් වැළකී මිල වැඩිවීමක් රජය විසින් දරාගත් බව පෙන්වා දීම බවද ඔහු සඳහන් කරයි.

”සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා කියන්න උත්සාහ කළේ අපිට වැඩි කරන්න පුළුවන්කම තියෙද්දී, වැඩි කරන්න උවමනාවක් තිබුණත්, අපි වැඩි නොකර ඒක රජයක් විසින් දරා ගත්තා. ලෝකයේ දියුණු රටවල් වැඩි කළත්, අපිට බැරි වුණත්, අපි ආර්ථිකය ඇතුළේ දුෂ්කරතා තිබුණත්, අපි එක දරා ගත්තා කියලා. ඒක සමාජගත වෙච්චි ක්‍රමයේ වැරැද්දක් තියෙනවා. ජනතාවට අපි සහනයක් දුන්නා කියලා එතුමා කියන්න උත්සාහ කළේ.”

සියත රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් හෙතෙම පැහැදිලි කිරීම සිදුකළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස