නෝර්වේ පෙට්‍රල් රු. 949යි…ඩෙන්මාර්කයේ ඩීසල් 978යි… ලංකාවේ පෙට්‍රල් 490යි… ඩීසල් 397යි… අපි තමයි හොඳටම සහන දෙන්නේ…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

November 18, 2026 at 10:51 am | by emanisa.lk

ලෝකයේ දියුණු රටවල ඉන්ධන මිල සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙහෙවින් අඩු බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“සහන දීලා නෑ කියන්නෙ කොහොමද? ලංකාවේ මේ වෙනකොට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 490යි. ලෝකේ වැඩි හරියක් පාවිච්චි කරන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්. ලංකාවේ 490යි, සිංගප්පූරුවේ 834යි. ඊශ්‍රායලයේ 847යි. ජෝර්දානයේ 645යි. බ්‍රිතාන්‍යයේ 757යි. ප්‍රංශයේ 755යි. පින්ලන්තයේ 844යි. නෝර්වේ 949යි. ඕස්ට්‍රේලියාවේ 525යි. දකුණු අප්‍රිකාවේ 600යි. ලංකාවේ 490යි.

අපි දැන් ඩීසල් ලීටරයක් 397ට දෙනවා. සිංගප්පූරුවේ 936යි. ඊශ්‍රායලයේ 804යි. තුර්කියේ 630යි. බ්‍රිතාන්‍යයේ 879යි. ජර්මනියේ රුපියල් 829යි. ඩෙන්මාර්කයේ 978යි. මම කියන්නෙ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෙ මේවා.

මේවා දෙන්නෙ නිකම්ම නෙවෙයි, මෙතෙන්ට ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා තෙල් මිල ජනතාවට උහුළාගන්න බැරි හින්දා අපි රුපියල් බිලියන 100ක් වෙන්කරලා තෙල්වලට සහනාධාරයක් රජය දරනවා. මේ හැමදෙනාම ගහන ලීටරයට රජයත් ගාණක් ගෙව්වා. ජනතාවට සහන දුන්නා. මේ රටේ ජනතාව මිරිකලා හප කළේ නෑ ඉස්ස්ර වගේ.”

සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *