මාලිමාණ්ඩුව තිබ්බේ ජනතාවගේ වාසනාවට… නැත්නම් පෙට්‍රල් රු. 700ට යනවා…!

October 4, 2026 at 3:44 pm | by emanisa.lk

වෙනත් පාලනයක් පැවතියේ නම් මෙරට ඉන්ධන මිල මේ වන විට රුපියල් 700 සීමාව ඉක්මවා යා හැකිව තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

වත්මන් රජය සිදු කරන මූල්‍ය කැපකිරීම් හේතුවෙන් ඉන්ධන මිල පාලනය කරමින් ජනතාවට සහන ලබාදීමට හැකි වී ඇති බවද ඔහු සඳහන් කරයි.

ඉදිරි අයවැයෙන් ජනතාව මත ඇති ආර්ථික බර අඩු කිරීම සඳහා සහන රැසක් ලබාදීමට රජය සූදානම් බවද නාමල් කරුණාරත්න හෙළි කරයි.

රු.17,000ක් වටිනා පොහොර මිටියක් ගොවීන්ට රු.10,200ක සහන මිලකට ලබාදීමද රජයේ මූල්‍ය කැපකිරීම්වල කොටසක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *