ඇමති නලින්දට කට උත්තර නෑ… සජිත් පශ්චාත් උපාධිත් කරලා… සියලු සහතික ජනපති ඉදිරියේ සභාවට….!

December 18, 2024 at 2:38 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) දින සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

“1-5 ශ්‍රේණි දක්වා මම හිටියේ සාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ. 6-9 ශ්‍රේණි දක්වා මම අධ්‍යාපනය හැදෑරුවේ රාජකීය විද්‍යාලයේ.

මම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ නැහැ. මම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙත් හිටියා. ශිෂ්‍ය නායකයෙක් ලෙසත් හිටියා. ඉන් පසුව මම UKවල අධ්‍යාපනය හදාරන්න යෙදුණා.
83/84 කාලවකවානුවේදී මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා A – 2යි, B -2යි, C -3ක් හිමි වුණා. මේ ඒ සහතික ටික.

උසස් පෙළ විභාගය සඳහා B සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථ එකක් ලබා සමත් වුණා. අනතුරුව 1991 london colledge of economic and political science ආයතනයෙන් මම උපාධිය ලැබුවා.

මේ කරුණු සියල්ල ඇත්ත. ඕනෑම කෙනෙකුට අදාළ ආයතනවලින් විමසා බලන්න පුළුවන්. මේ කිසිවක් අසත්‍ය කියලා ඔප්පු කළොත් මම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා දේශපාලනයෙන් සමු ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *