ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් තමන් යොමුකළ ලිපිය ඇමතිතුමා සහ අමාත්‍යංශ ලේකම්තුමා පිළිනොගත් බව ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ පවසයි.
එසේම තව දුරටත් තම සේවය ලබා දෙන ලෙස එම දෙදෙනාම කළ කාරුණික ඉල්ලීම තමන්ට පිළිගැනීමට සිදු වූ බවද හෙතෙම අවධාරණය කරයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාම රජයේත් ආයතනයේත් ජනතාවගේ යහපත උදෙසා තව දුරටත් ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙහි කටයුතු කරන බවද රත්න ශ්‍රී විජේසිංහ ප්‍රකාශ කරයි.
පසුගියදා සිය ඉල්ලා අස්වීම යොමු කරමින් රත්න ශ්‍රී විජේසිංහ සඳහන් කළේ තම වයසට යෑමත් සමග ධාරිතාව පටු වන බවත් විවේකය අවශ්‍ය නිසා ඉල්ලා අස්වන බවත්ය.