අපි රට භාරගත්තට පස්සේ කවදාවත් දැක්කේ නැති විපත් වුණේ… තාම ඉවරයක් නෑ…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

May 8, 2026 at 11:48 am | by emanisa.lk

මාලිමාණ්ඩුව භාරගත්තේ භාණ්ඩාගාරය විනාශ වූ බංකොලොත්ව ණය ගෙවාගත නොහැකි රටක් බවත් රට භාරගත් පසු ජීවිත කාලය තුළ අත්දුටු විශාලතම ස්වාභාවික විපත සිදුවූ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

“ඔබ තමුන්නාන්සේලා මේක අපට භාරදුන්නේ මුන්ටවත් දීලා මේක හදනවාද කියලා බලන්න නේ. අපි භාරගන්න කොට භාණ්ඩාගාරය විනාශ වෙලා, බංකොලොත් වෙලා, ණය ගෙවා ගන්න බෑ. ඒ රට අපි භාර අරන් අවුරුද්දයි මාස හයයි.

ඔබේ ජීවිත කාලේ දිට්වා වගේ විශාල ස්වාභාවික විපතක් දැකලා තියෙනවාද? විශාල විපතක් වුණා. දැන් ආයෙම තව ප්‍රශ්නයක් ඇවිත්. ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය යුද වදිනවා. ලෝකේ දියුණු රටවලටත් අමාරුයි. දියුණු රටවල අපේ රටේ ඩීසල් පෙට්‍රල් මිල වැඩියි.

හැබැයි අපි ඒ ඔක්කෝම කළමනාකරණය කරනවා. අවුල් කරගන්නේ නෑ. ප්‍රශ්න නිරාකණය කරනවා. වෙච්චි පොරොන්දු ඉෂ්ට කරනවා. අවුරුදු හැත්තැහයක් විනාශ වෙච්චි රටක් අවුරුදු එකහමාරෙන් හදන්න පුළුවන්ද. ලෙඩාට ඉක්මන් ඇති සනීප කරගන්න. හැබැයි ලෙඩේ බරපතළයි නම් සනීප කරන්න කාලයක් යනවා. අසාධ්‍ය ලෙඩෙක් වගේ රටක් අපි භාරගත්තේ.”

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස