ඇතුන් දළදා මැදුරට වඳින්නේ හෙණ්ඩුවට බයේ..! පෙරහැරෙ නටන්නේ රෝගයක් නිසා..! පෙරහැරට රොබෝ අලි ගන්න..! – පංචාලි පනාපිටිය..

August 31, 2023 at 12:55 pm | by emanisa.lk

අලි ඇතුන් පෙරහැරක නැටීම මානසික ආතතියේ රෝග ලක්ෂණයක් බව පංචාලි පනාපිටිය පවසයි.

එය වන සතුන් කූඩු කරගෙන බැඳගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන රෝගයක් බව ද ඇය පෙන්වා දෙයි.

ඇය පෙන්වා දෙන්නේ ඇතුන් නමස්කාර කරන්නේ හෙණ්ඩුව අතැතිව තමන් අසල සිටින ඇත් ගොව්වාට බියෙන් බවයි.

මෙවැනි මානසික ආතතියෙන් පෙළෙන අලි ඇතුන් පෙරහැරක රැගෙන යාම භයානක බවත් ඔවුන් කුලප්පු විය හැකි බවත් පංචාලි පනාපිටිය සඳහන් කරයි.

එහෙයින් අලි ඇතුන් වෙනුවට රොබෝ අලි ඇතුන් පෙරහැරට ගත හැකි බවත් ඉන්දියාවෙන් එවැනි රොබෝ ඇතෙකු රු. ලක්ෂ 50කට පමණ මිල දී ගත හැකි බවත් ඇය ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් පංචාලි පනාපිටිය මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *