ආහාර අර්බුදයට වගකියන්න ඕන හැංගිලා ඉන්න පාදෙණියලා..!

June 15, 2022 at 6:59 am | by emanisa.lk

මේ වන විට රට තුළ මතුව තිබෙන ආහාර අර්බුයට වගකිව යුතු වන්නේ එදා කාබනික වගාව ගැන උපදෙස් දී දැන් සැඟවී සිටින රතන හාමුදුරුවන්, වෛද්‍ය පාදෙණිය වැනි පුද්ගලයින් බව සමස්ත ලංකා රැකියා විරහිතවූවන්ගේ සංගමය පවසයි.

අද (14) සමස්ත ලංකා රැකියා විරහිතවූවන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි අතර එහි දී අමාත්‍ය මහින්ද අමරවීර සමඟ සාකච්ජාවක් පැවැත්විණි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සුමිත් ප්‍රියශාන්ත පවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත විශාල පිරිසකට කෘෂි කෂේත්‍රයේ රැකියා අහිමිව තිබෙන බවයි.

තව දුරටත් මෙම හානිය වළක්වා ගැනීම සඳහා කළ යුතු දේවල් පිළිබඳ අමාත්‍යවරයාව දැනුම්වත් කළ බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *