ආහාර අර්බුදයට ඇමැතිගෙන් සහනයක්…! කැලේ හැදෙන කොස් දෙල් කඩන්න අවසර…!

June 2, 2022 at 1:46 pm | by emanisa.lk

වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

වනාන්තරවල වැවෙන කොස් සහ දෙල් ජනතාවට නෙළා ගැනීම සඳහා අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට පැවසීය.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ දිවයින පුරා තිබෙන බවත් එම ඉඩම්වල හට ගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණුවී යන බවත් වන සංරක්ෂණ නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *