ආහාර අර්බුදයට මුවා වී දේශපාලනඥයින් රජයේ ඉඩම් කොල්ලයක…!

June 29, 2022 at 9:59 am | by emanisa.lk

ඉදිරි ආහාර අර්බුදය සඳහා වගා කටයුතුවලට යැයි පවසමින් ඇතැම් දේශපාලනඥයින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ ජාවාරමක යෙදෙන බව අනාවරණය වේ.

පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් සහ ඔවුන්ගේ හිතවතුන් මෙලෙස රජයේ ඉඩම් අල්ලා ගන්නා බව පැවසේ.

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කුලියාපිටිය, නාරංගල්ල වත්තේ අක්කර 20 ක භූමි ප්‍රදේශයක්ද පසුගියදා ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මෙලෙස අල්ලා ගෙන ඇති බවට කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇත.

අදාළ ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් එකක් බවත්, එම ආයතනයට මුදල් ගෙවා එම ඉඩම් ජාතික පශු සම්පත් මණ්ඩලයට ලබාගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *