ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද (29) ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර ඇත.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.
රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිගු මාවතකට මුහුණ දී සිටින අතර, බදු ආදායම් එකතු කිරීම ඉහළ නැංවීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ව්‍යවසායවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, මහ බැංකුවේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය සහතික කිරීම, ආරක්ෂා කිරීම ඇතුළු අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී ස්ථිරව සිටිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.