ආසියානු ශූරයින් වුණේ නාමල් නිසයි..! – මධුර විතානගේ….

September 14, 2022 at 6:46 am | by emanisa.lk

එකවර ක්‍රීඩා දෙකකින්ම ආසියාවේ ශූරයන් බවට පත්වීමට හැකිවූයේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා ලෙස මෙරට ක්‍රීඩාවට සිදුකළ මෙහෙවර නිසා බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා ලෙස, ක්‍රීඩා සංගම්වලට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන් බවත් දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ක්‍රීඩකයෙකු ලෙස ඔහුට ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් හා පළපුරුද්දක් තිබෙන බවයි, මධුර විතානගේ පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එකතු වූ වේගපන්දු යවන්නන් දෙදෙනාටද ක්‍රීඩා සමාජ සොයා දී ජාතික කණ්ඩායම නියෝජනය කරන තත්ත්වයට පැමිණීමට සහාය ලබා දුන්නේ ද නාමල් රාජපක්ෂ බව මන්ත්‍රීවරයා සිහිපත් කරයි.

එවැනි දක්ෂ දේශපාලනඥයෙකුට යළිත් ඇමති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහුට ඇමති ධුරයක් දරමින් රට වෙනුවෙන් තව දුරටත් සේවය කිරීමට අවස්ථාව ලැබිය යුතු බවත් මධුර විතානගේ සඳහන් කරයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස