ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර අවදානමක… ඇමරිකාවෙන් අනතුරු ඇඟවීම්…!

October 23, 2024 at 9:52 am | by emanisa.lk

ඉතා ම ජනප්‍රිය සංචාරක පුරවරයක් වන ආරුගම්බේ ප්‍රෙද්ශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තානාපති කාර්යමණ්ඩලයට ආරුගම්බේ ප්‍රෙද්ශයේ සංචාරයෙන් වළකින ලෙස එමින් දැනුම් දී ඇති අතර සිය පුරවැසියන්ට නැවත දැනුම් දෙන තුරු අදාළ ප්‍රෙද්ශයට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

ඇමරිකනු තානාපති කාර්යාලය අද (23) උදෑසන මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මූලාශ්‍ර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *