ආර්ථික බිඳ වැටෙතියි කලබල වෙන්න එපා… රුපියල අවප්‍රමාණ වන්නේ ඩොලරයේ අගය වැඩි වූ නිසායි…! – මුදල් නි. ඇමති..

June 6, 2026 at 9:22 am | by emanisa.lk

ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ ගියද එය කිසිසේත් ආර්ථික අර්බුදයක් නිසා සිදුවන්නක් නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

“මැදපෙරදිග ඇතිවෙච්ච යුදමය තත්ත්වයේදී ඉන්ධන මිල ඉහළ යෑම ඇතුළු අනෙකුත් කාරණා හේතුවෙන් ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩිවීම නිසා ඩොලරය සතියක් විතර ඇතුළතදී අනවශ්‍ය ලෙස වැඩිවුණා. ඩොලර් උත්පාදනය විශාල වශයෙන් අඩපණ වෙලාත් නැහැ. අපේ අපනයන ආදායමත් වෙනදාට වඩා අපි වැඩිකරගෙන තියෙනවා.

සංචාරක කර්මාන්තයේ උපයීමුත් වැඩිකරගෙන තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ නිරන්තරයෙන්ම වැඩිවෙමින් පවතිනවා. ආයෙත් පහුගිය දවස දෙක ඇතුළදී ඩොලරයේ පුංචි වැඩිවීමක් සිදුවෙලා තියෙනවා.

මේ තත්වය ක්‍රමිකව සමථයකට පත්වෙනවා. කිසිදු ආකාරයක ආර්ථිකය බිඳවැටීමක්වත් ආනයන සීමාකිරීම් හෝ ගැටලුකාරී තත්වයක්වත් නෙවෙයි. ඔබ කිසිදු ආකාරයකට කලබල වෙන්න එපා, වැරදි සහ නොමග යවන තොරතුරු මත වැරදි තීන්දු තීරණ ගන්න එපා කියන යෝජනාව මම කරනවා.”

අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *