ආර්ථික කමිටු විවාදයට සජබ මාලිමාවෙන් යළි දින ඉල්ලයි…!

May 28, 2024 at 11:41 am | by emanisa.lk

සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.

ආර්ථික කමිටු විවාදයට ඇරයුම් කර තිබිය දී එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයට කළ යෝජනාව කිසිදු පැකිලීමකින් තොරව සිය පක්ෂය පිළිගෙන ඇති බව ද නලින් බණ්ඩාර සිය ලිපිය මඟින් දැනුම් දී තිබේ.

විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස අදාළ ලිපිය මඟින් මන්ත්‍රීවරයා දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *