මාලිමාව රට ගොඩගන්න හදන්නේ තිරිකුණාමලේ උක් වවලා…!

April 26, 2024 at 7:52 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය, සමගි ජන බලවේග ආර්ථික කමිටුව සමග විවාද කිරීම මග හරිමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

රටේ ආර්ථික අර්බුදය විසඳන්නේ කෙසේ දැයි විමසූ විට තිරිකුණාමලේ උක් වැවීමෙන් අර්බුදය විසඳන බව එම පක්ෂයේ ආර්ථික කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ බවයි, ඔහු සඳහන් කළේ.

සමස්ත තිරිකුණාමල දිස්ත්‍රික්කයේ සියලු නිවාස සමතලා කර උක් වැව්ව ද එවැනි දෙයක් කළ නොහැකි බව විශේෂඥ මතය යැයි අබේසිංහ සඳහන් කළේය.

එවැනි පක්ෂයකට මේ රටේ ගැටලු විසඳිය නොහැකි බව ජනතාව අවබෝධ කරගෙන ඇති බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

හිරු බලය වැඩිසටහනට එකතු වෙමින් අශෝක් අබේසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *