බැංකු (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත මඟින් සිදු වන්නේ මහ බැංකුවට රටේ බැංකුවල බලතල පැවැරීම බව ජනතා විමුක්ති පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පවසයි.
හෙතෙම පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) මේ බව සඳහන් කළේය.
“දැන් කතාවක් යනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියලා. මෙය මිථ්‍යාවක්. ගෑස් පෝලිම්, තෙල් පෝලීම් නැති වුණාට ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ.
රජයේ වාර්තාවලින් පෙන්වනවා මුල් මාස හය තුළ බිලියන හතරකින් ආර්ථිකය කඩාවැටිලා තිබෙනවා.
කර්මාන්ත කඩාවැටිලා, නිෂ්පාදනය කඩන් වැටුණම කොහොමද ආර්ථිකය ශක්තිමත් වෙන්නේ? නිෂ්පාදන ආර්ථිකය බිඳවැටිලා තිබෙන්නේ.”