ආරක්ෂාව මැද දුම්රිය 13ක් කොළඹට…!

March 15, 2023 at 7:20 am | by emanisa.lk

කොළඹින් බැහැර ස්ථාන දහයක සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද (15)කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.

අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වා මෙම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් ආරක්ෂාව ද යොදවන බව ජනාධිපති කාර්යාලය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *