ආනයනික භාණ්ඩ මිල පහළට…! ළූණු 130යි… අර්තාපල් 100යි… සීනි 205යි..!

January 26, 2023 at 9:04 am | by emanisa.lk

පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික රට ළුෑණු සහ අර්තාපල් සහ සුදු සීනි තොග මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව ආනයන රට ළුෑණු කිලෝවක නව තොග මිල රුපියල් 130ක් වන අතර ආනයනික අර්තාපල් කිලෝවක නව තොග මිල රුපියල් 100කි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ ආනයනික රට ළුෑණු කිලෝවක් රුපියල් 50කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 80ත් 100ත් අතර මිලකින් පහත වැටී ඇති බවයි.

මේ අතර ආනයනික සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 205ක් දක්වා පහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *