දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී සිය අක්කර 15ක ඉඩම උතුරේ ජනතාව උදෙසා නිවාස ව්‍යාපෘතියක් සඳහා පරිත්‍යාග කර තිබේ.
මුලතිව් පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයෙහි මෙම ඉඩම පිහිටා තිබේ.
උතුරේ ජනතාවට පිහිට වීමට තමන්ට දේශපාලන හයියක් නොමැති බවත් එහෙයින් තමා සතු එක ම දේපළ වන මෙම ඉඩම උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට පරිත්‍යාග කරන බවත් ඔහු සඳහන් කර තිබේ.
ආනන්ද සංගරී සිය ඉඩම රජයට ලබා දී ඇති අතර එහි යුද්ධයෙන් අවතැන් වූ ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කටයුතු කරනු ඇත.