රටේ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බවත් ජනතාව ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (16) ඒ බව පැවැසීය.
විවිධ දේශපාලන අරමුණු පෙරදැරිව විවිධ කණ්ඩායම් විසින් සිදුකරන බොරු ප්‍රචාර නිසා ජනතාව හදිසි වී ඉන්ධන පෝලිම්වලට යෑම කිසිම තේරුමක් නැති වැඩක් බව ද හෙතෙම සඳහන් කළේය.
එම කණ්ඩායම මෙයට පෙර ද මෙවැනි බොරු ප්‍රචාර දියත් කරමින් ජනතාව අපහසුතාවට පත්කළ බව පෙන්වා දෙන ඇමැතිවරයා මෙවැනි කටයුතු කරමින් ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.