ආණ්ඩුව ශානී අබේසේකර ඝාතනය කරන්න හදනවා…! – සජිත්…

February 23, 2022 at 1:10 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

“ඉතා ම කුප්‍රකට විදිහට එතුමාව සැලසුම් සහගත ලෙස ස්වභාවික ඝාතනයකට තල්ලු කරමින් ඉන්නවා ද කියන සාධාරණ සැකය අපට තියෙනවා.

මීට පෙරත් ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කරලා තිබුණා. ඒ ගැන අපි 2020 නොවැම්බර් 27 පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

අද වෙනකොට සියල්ල ම කැකිල්ලේ තීන්දු බවට පත්වෙමින් තියෙනවා. එහෙම තත්ත්වයක් ඇතුලේ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව අපිට සාධාරණ භීතියක් තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *