යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුව නියෝජනය කළ නිසා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
යහපාලන දූෂණ විරෝධී කමිටුව මගින් දේශපාලන පළිගැනීම් සිදු වූ බවට චෝදනා නැඟෙතත් සියල්ලට වඩා දේශපාලන පළිගැනීම් සිදුවන්නේ අද බව ද ලක්තිලක ප්‍රකාශ කරයි.
ඔහු චෝදනා කරන්නේ, මෙම විශේෂ ජනාධිපති කමිටුව හමුවට කැඳවන්නේ පහුගිය ආණ්ඩුවේ ප්රගතිශීලී නායකයින් වන අනුර දිසානායක, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා වැනි ඊළඟ ජනාධිපතිවරණයට තර්ජනයක් විය හැකි අය පමණක් බවටයි. සෙසු අයට කැඳවීම් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.
සිය ප්‍රතිවාදී අපේක්ෂකයින් මර්දනය කර සිරගත කිරීමේ මෙම විගඩම වහා ම නතර කරන ලෙස ජනධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ශිරාල් ලක්තිලක අවධාරණය කරයි.