සජබ, ශ්‍රීලනිප, නිදහස, ජවිපෙ සහ උත්තර ලංකා කඳවුරු බඳී…!

May 22, 2023 at 3:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

මේ අනුව සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ ජනතා විමුක්ති පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ ප්‍රකාශකයකු පැවසුවේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටි ජනක රත්නායක වෙනුවෙන් පෙනී සිටීමට පක්ෂය තීරණයක් ගත් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස