සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහනකි.
හදවතට එකඟව අපි කොහොමද කියන්නෙ, මේ ආණ්ඩුව දේශීය ව්‍යාපාර වලට ආදරෙයි කියලා?
මේ කතාව මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ ආණ්ඩුව බලයට ආවේ, ඒ වගේ ම රඟපාන්නේ දේශීය ව්‍යාපාර රැකීමේ මුර දේවතාවා වගේ.
නමුත්, දේශීය ව්‍යාපාර විනාශ වෙන ආකාරයේ අප්‍රසන්න වගන්තියක් මේ ආණ්ඩුව වරාය නගර පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබුණා. එය සම්මත කරගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් වගේ ම ජනමත විචාරණයකුත් අවශ්‍යයයි කියලයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ.
ඒ තරම්ම ඒ වගන්තිය රටට තීරණාත්මකයි. ඒ වගන්තිය තමයි, වරාය නගරයේ ලියාපදිංචි වූ ව්‍යාපාරිකයෙකුට ලංකාවේ වෙනත් ඕනෑ ම පළාතක ව්‍යාපාරිකයෙකු සමග ඒකාබද්ධ වී ඒකාබද්ධ ව්‍යාපාරයක් රට තුළ ආරම්භ කර බදු සහන ලබා ගැනීමට අවස්ථාව හිමිවීම.
මේ තුළින්, දේශීය ව්‍යාපාරිකයින්ට මේ බදු සහන ලබන ව්‍යාපාර සමග දේශීයව පවා තරග කිරීමට නොහැකි වෙනවා. ඒ වගේ ම, මෙම විදේශීය ව්‍යාපාරිකයින්ට රටට බදු නොගෙවා රටේ සාරය පිටරටවලට අරන් යන්න අවස්ථාව මෙයින් ලැබෙන්න තිබුණා. ඉතින් කොහොමද අපි හදවතට එකඟව කියන්නෙ මේ ආණ්ඩුව දේශීය ව්‍යාපාරවලට ආදරෙයි කියලා?