ආණ්ඩුව අපරාධ වර්ධනය කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එමගින් ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබා දීමේ වයස අවු. 16 සිට 14 දක්වා අඩු කිරීමේ සූදානමක් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ස්ත්‍රී දූෂණය වැළැක්වීම සඳහා පැවැති නීතී බාල්දු කිරීම සඳහා පුරුෂ දූෂණ නීති ද හඳුන්වා දී ඇති බවයි.
එහෙයින් මෙම අමනෝඥ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ආණ්ඩුවට දැනුම් දෙන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
සමගි වනිතා බලවේගයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.