ආණ්ඩුව නෙරපන අරගලයට හමුදාවේ-පොලිසියෙත් සහය…!

July 1, 2022 at 9:45 am | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව සිදු කරන ජනතා අරගලයක් සඳහා පොලිසියේ සහයෝගය හිමිවන බව තමනට දැනුම් දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

එමෙන්ම ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාව පාරට බැසීම වැළැක්වීමට හමුදාව මැදිහත් නොවන බවට ද සහතිකයක් ලැබී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඊළඟ මැතිවරණය තෙක් රටේ පාලන බලය භාර ගැනීමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ‘ආණ්ඩුව පන්නමු’ විරෝධතා මාලාවේ පානදුර විරෝධතා රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *