ආණ්ඩුව තවත් පොරොන්දුවක් ඉටු කරයි… ත්‍රස්තවාදය වැළැක්වීමේ කෙටුම්පත අහෝසියි…!

August 22, 2025 at 2:26 pm | by Namal

සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා.”

අද (22) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු අතරින් එකක් ඉටු කළ බව මෙයට පෙර වාර්තා විය. ඒ උපයන විට ගෙවන බදු සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා ඉහළ නැංවීමයි. එය ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවීමට මැතිවරණයේදී පොරොන්දු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *