ආණ්ඩුව ගෙදර යවන සජබ විරෝධතාවට දැවැන්ත සෙනඟක් කොළඹට…!

March 15, 2022 at 12:30 pm | by emanisa.lk

සමගි ජන බලවේගය සංවිධානය කරන “රට විනාසයි..දැන් ඇති… තවත් වනසන්න දෙන්න බෑ.” යන තේමාව යටතේ වූ උද්ඝෝෂණය අද (15 ) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මෙම විරෝධතාව පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එක් පා ගමනක් පස්වරු 01ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් සහ අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් පස්වරු 01ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මේ වන විට විරෝධතාව සඳහා සහභාගී වීමට විශාල ජනකායක් කොළඹ බලා ගමන් කරමින් ඇතැයි වාර්තා වෙයි. මෙම විරෝධතා රැලී රට පුරා නගරවල පැවැත්වීමට ද සමගි ජන බලවේගය දැනටමත් තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස