ආර්ථික තත්ත්වය පිළිබඳ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ දැනට ආණ්ඩුවට පක්ෂපාතීව සිටින අතලොස්සක් පිරිස පවා විශ්වාස නොකරන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.
ආණ්ඩුව දිගින් දිගටම බොරු කීම සහ එම බොරු රට ඉදිරියේ හෙළිදරව් වීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත් රට නැවත 2022 තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාව බියට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
දිගින් දිගටම පිරිහුණු රුපියල මේ දිනවල ශක්තිමත් වන්නේ ආණ්ඩුවේ විශේෂ හැකියාවක් නිසා නොව සමාජ මාධ්‍ය කටයුතු මගින් ඩොලර් උපයන තරුණ තරුණියන්ගේ ඩොලර් මිලියන 4-5ක් පමණ මේ දිනවල රටට ලැබීම සහ රටේ ඩොලර් සංචිතය වෙළඳපොළට මුදාහැරීම නිසා බවද ප්‍රියංකර මහගම්මුල්ලගේ ප්‍රකාශ කරයි.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයට දැන් විදෙස් රටවල ඇති සිය පක්ෂ සමිති ඔස්සේ රටට ඩොලර් ගෙන්වා ගැනීම කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි..