ආණ්ඩුව කාබනික උන්මාදයෙන් සරු බිම මුඩු බිමක් කළා..! මගේ ආණ්ඩුව යටතේ ගොවියාගේ ස්වර්ණමය යුගය උදා කරනවා…! – සජිත්..

January 29, 2022 at 3:13 pm | by emanisa.lk

දශක හයක් මේ රටේ ගොවි ජනතාවට ලැබුණු පොහොර සහනාධාරය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ නැවතත් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වර්තමාන ආත්ම ඝාතක ආණ්ඩුව පළවා හැර ගොවි ජනතාවට නිසි ගෞරවය අභිමානය උදා කරන ස්වර්ණමය යුගය උදා කිරීමට එකතු වන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.

මහ කන්නය ආරම්භ කරන විට ම රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම් කළ ආණ්ඩුව, ගොවියා අස්වනු නෙළන අවස්ථාව ළං වන විට ම චීනයෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන ආ බවට ද චෝදනා කළේ ය.

කාබනික උන්මාදයෙන් මේ රටේ ගොවිතැන විනාශ කර ආහාර ආනයනය, බදු වංචාව, කොමිස් ගැහිලි මගින් සිය ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට වාසි ලබා දෙමින් මේ රටේ සරු බිම මුඩු බිමක් බවට පෙරළන ඛේදවාචකය ආණ්ඩුව නිර්මාණය කර ඇති බව ද හෙතෙම අනාවරණය කරයි.

සමගි ගොවිජන ප්‍රකාශනය එළිදැක්වීමේ උලෙළට අද (29) පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර තාවුල්ලේ දී එකතු වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස