ආණ්ඩුව අභියෝග හමුවේ අපරිණතයි… සමාජ මාධ්‍යයට අත තැබීම විනාශකාරියි..! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

December 1, 2024 at 12:38 pm | by emanisa.lk

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළේ යැයි තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම ඔස්සේ සමාජ මාධ්‍ය මර්දනයට කටයුතු කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීමේ ආරම්භය බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

වර්තමාන ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී කිසිදු පරිණතභාවයක් පිළිබිඹු නොකරන අතර මෙවැනි ක්‍රියාවල ප්‍රතිඵලය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පත්කිරීම සඳහා පෙනී සිටි අයට ද භුක්ති විඳීමට සිදුවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

කිසිවෙකු අත්අඩංගුවට ගෙන අසත්‍ය ප්‍රචාර පාලනය කිරීමට හැකි යැයි සිතීම මෙන් ම අසත්‍ය ප්‍රචාරය සඳහා ජනයා රැවටේ යැයි සිතීම ද වැරදි බව පවසන මහාචාර්ය දේවසිරි වැඩි දුරටත් සඳහන් කළේ වර්තමාන ආණ්ඩුවට ජනතාව අතිවිශාල බලයක් ලබා දුන්නේ ද මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුවන කාලයක බවයි.

යුද්ධය නිමා කිරීමේ වාසිය ද සමග වර්තමාන ආණ්ඩුවට වඩා ස්ථාවර ජනප්‍රියත්වයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ විනාශයට ද මෙවැනි රාජ්‍ය මර්දන ක්‍රියා බලපෑ බව මහාචාර්ය දේවසිරි වැඩි දුරටත් අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ සිය youtube නාළිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *