ආණ්ඩුව මොන සහන දුන්නත් වෙළඳ මාෆියාව විසින් එය සහන ජනතාව අතරට රැගෙන යන්නේ නැතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
පාරිභෝගික සේවා අධිකාරිය නිදි බවට චෝදනා කළ හිටපු අමාත්‍ය අලුත්ගමගේ, ආණ්ඩුව බඩු මිල අඩු කළත් සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනව බව සඳහන් කළේය.
කොමිස් අරගෙන බුදියාගෙන ඉන්නේ නැතිව එළියට බැස වැටලීම් කරන්නැයි පාරිභෝගික සේවා අධිකාරියට බල කරන්නැයි වෙළෙඳ ඇමතිගෙන් ඉල්ලා සිටින බව කී මහින්දානන්ද අලුත්ගමගේ, අවුරුදු කාලයේ ඒ කටයුත්ත කඩිනමින් කළ යුතු බව ද සඳහන් කළේය.