ආණ්ඩුවේ පසුපෙළත් දෙකට බෙදෙයි…! ආණ්ඩුවේ ම ලොක්කෙක් පිටුපස..!

January 15, 2022 at 1:17 pm | by emanisa.lk

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර ද මේ වන විට බෙදීමක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුපෙළ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කණ්ඩායමේ එකඟතාවකින් තොරව වෙනම මාධ්‍ය හමු පැවැත්වීම මෙම බෙදීමට හේතු වී ඇතැයි පැවසේ.

කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පසුගිය සති කිහිපයේ මාදිවෙල මන්ත්‍රී නිළ නිවසක වෙන ම මාධ්‍ය හමු පවත්වා තිබේ. එය ආණ්ඩුවේ ම ප්‍රධානියෙකුගේ අවශ්‍යතාව මත පවත්වා ඇති බව ද වාර්තා වේ.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ වාර්තාව මත සිදු කරන ලද්දක් බවට තිස්ස කුට්ටිආරච්චි කළ ප්‍රකාශයට ද පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළකර ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *