එළඹෙන පෙබරවාරි 10 වැනිදා සිට ග්‍රාම නිලධාරීන් නිකුත් කරනු ලබන පදිංචි තහවුරු කරන සහතික සහ චරිත සහතික සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
චරිත සහතිකයක් හෝ පදිංචිය තහවුරු කරන සහතිකයක් ලබාගැනීමට යාමේදී ජනතාව පත්වන අපහසුතාව වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මෙම තීන්දුව නිසා ජනතාව එම සහතික ලබා ගැනීමේදී මුහුණ පෑ දුෂ්කරතා නිම වන බවට ද එය ජනතාවට මහත් සහනයක් බවටද සමාජමාධ්‍යවල අදහස් පළවෙයි.