ආණ්ඩුවෙන් කොළ එළියක්… සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනා දෙගුණ වෙයි…!

April 6, 2024 at 9:48 am | by emanisa.lk

සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ලඩ සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහළ දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000 දක්වා රුපියල් 10000 කින් ඉහල දමා ඇත.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14000 දීමනාව රුපියල් 23000 දක්වා රුපියල් 9000 කින්ද ,මැලේරියා සහ බරවා මර්දන සහායක, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, කීට විද්‍යා සහකාර, පාසල් දන්ත චිකිත්සක යන තනතුරුධාරින්ට දැනට ගෙවන රුපියල් 10300 දීමනාව රුපියල් 17000 දක්වා රුපියල් 6700 කින්ද ඉහළ යනු ඇත.

පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ට කාර්ය මන්ඩල සේවකයන්ට දැනට ගෙවන රුපියල් 9300 දීමනාව රුපියල් 15000 දක්වා 5700 කින්ද වශයෙන් හා දැනට ගෙවන දීමනාව මෙන් දෙගුණයක් වන සේ මෙම සියලු තනතුරු සඳහා ලබන වසරට බලපාන පරිදි 2025.01.01 සිට නැවතත් මෙම නිල ඇඳුම් දීමනා ඉහල නංවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *