නීරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ ව්‍යාපෘතිය යටතේ කිරිපිටි වෙනුවට ඔසු කැඳ ජනතාවට හුරු කිරීමේ වැඩසටහනක් දියත් කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව දිවයින පුරා ඔසු කැඳ අලෙවි සැල් 500ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
පළමු ඔසු කැඳ අලෙවි සැල කැලණිය, පොල්හේන, කැලණිතිලක ක්‍රීඩාපිටිය අසල විවෘත කිරීමට නියමිත ය.