ආණ්ඩුවයි – සජබයි – ජාජබයි ඔක්කෝම එක වල්ලේ පොල්… එක ම විකල්පය සර්වජන බලයයි..! – ගෙවිඳු…

June 12, 2024 at 1:56 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, වර්තමාන රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලට පටහැනි නොවන බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

නව විදුලි බල පනත පාර්ලිමේන්තු ඉදිරිපත් කරමින් ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය අලී සබ්‍රි සහ අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළ පරිදි විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සමගි ජන බලවේගයේ මෙන් ම ජාතික ජන බලවේගයේ ද ප්‍රතිපත්තිවලට අනුගතය.

මෙතෙක් ඊට එරෙහිව එම පක්ෂ දෙකේ කිසිදු මන්ත්‍රීවරයෙකු අදහස් පළ කර නොමැති බවත් ඒ අනුව අලී සබ්‍රි සහ කාංචන විජේසේකර සිදුකළ ප්‍රකාශ ජනතාවට පිළිගැනීමට සිදුවන බවත් ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.

එහෙත් සර්වජන බලය සන්ධානය සඳහා ඊට විකල්ප ප්‍රතිපත්තියක් ඇති බවත් කවර බාධක මැද වුව ද එම මාවත ජනතාව හමුවට ගෙන යාමට තමන් කැපවන බවත් යුතුකම සභාපතිවරයා අවධාරණය කරයි.

ඊයේ (11) සිරස “සටන” දේශපාලන වැඩසටහනට එකතු වෙමින් ගෙවිඳු කුමාරතුංග මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *