ආණ්ඩුවට මහ පොළොවේ 2/3ක බලයක් නෑ…! හැකි නම් පෙබරවාරි පළාත් සභා ඡන්දය තබනු…! – මරික්කාර්…

December 9, 2021 at 5:22 am | by emanisa.lk

පෙබරවාරි 9 වැනි දින පළාත් පාලන ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවට කෘත්‍රීම තුනෙන් දෙකක බලයක් පවතින නමුත් මහ පොළොවේ එවැනි බලයක් ‌නොමැති බවයි.

එමෙන්ම ආණ්ඩුව 2010-2015 කාල සීමාවේ ගත් ණය යොදා සිදු කළ නෙලුම් කුලුන වැනි පලදායක නොවන වියදම් හේතුවෙන් රට විනාශ මුඛයට ගිය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *