ආණ්ඩුවට ජනතාව ගල් ගහලා එළවන්න සූදානම්…! – මරික්කාර්…

October 28, 2021 at 11:38 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුවට ජනතාව ගල් ගසා එළවීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය වසා ගැනීමට ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ඇති කරන බව කියමින් බළකා පත්කිරීම හරහා ජාතිවාදය අන්තවාදය ඇති කිරීම සඳහා නින්දිත උත්සාහයක යෙදෙන බවයි.

එහි ප්‍රධානියා අලුත්ගම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෛන් චෝදනා ලැබූවකු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී වඳ කොත්තු වඳ පෙති නැවත රට ඇතුළේ මාතෘකාවක් විය හැකි බව මන්ත්‍රීවරයා කීය. මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයා කුමක් කියන්නේ ද යන්න සම්බන්ධයෙන් බලා සිටින බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *