මාරවිල, තල්විල සහ තුඩුවාව මෝය හරහා ඉදිකර ඇති පාලම ඉදිරි සතියේ රජය විවෘත කිරීමට නියමිතව තිබිණි.
එහෙත් ප්රදේශවාසීන්ගේ ආරාධනය මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි ඊයේ (16) පස්වරුවේ එම පාලම විවෘත කර තිබේ.
මෙම අවස්ථාවට කතෝලික පූජකවරුන් ඇතුළු ප්රදේශවාසීන් පිරිසක් ද එකතු වී සිටියහ.
මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු පසුගිය රජය සමයේ ආරම්භ කෙරුණ ද ඉතිරි කොටස සම්පූර්ණ කෙරුණේ වත්මන් රජය යටතේය.